Sunday, April 29, 2012

බුදු රජාණන් වහන්සේ අපට ​දෙසූ දහම තුළ කියවෙන
තමා අවබෝධ කිරීම යනු
කිසි ලෙසකත් ලෝකය අමතක කිරීමක් නොව
ලෝකය අවබෝධ කරන එකම ක්‍රමය වේ.

Tuesday, April 24, 2012

සමහරු ජීවිතයට එනවා
ලස්සනට හිනා වෙනවා
හිත පැහැර ගන්නවා
ගැටලුවක් ඉතිරි කර 
නොඑන්නම යනවා
නමුත් අපි තව හොයනවා

සව්සිරි අස්වනු නෙලනා ගීතය රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණෙනි ඔබේ සිතාරය //
තත්සර නංවන සුමිහිරි රාවය
සුමිහිරි රාවය

කෙතක ගොයම් නෙළනා ලඳුන්ගේ
දෙතොලේ ගීයට මුසු කල මැනැවී
මුසු කල මැනැවී

අඞ අඳුරේ මන්මත් කළ රාවය
තොලගාමින් මෝහයේ සුරා විත
ආලිංගන නැටුමකට සාදයට
කුමට වයන්නෙද එවන් සිතාරය

වාදකයාණෙනි...

නව ලොව එළි කල අරුණාලෝකය
රන්කෙත කරනා සඳ ආලෝකය
සව්සිරි අස්වනු නෙලනා ගීතය
රසවත් කළ මැන වයා සිතාරය

වාදකයාණෙනි...

පණ්ඩිත් අමරදේවයන්ගේ ඇසට සෙනෙහෙ කදුලු උනවන ගීයක්



 තත්තා වුණත් මා බත සරි කරන
අම්මා නුඔයි මගෙ දරු දැරින් රකින

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නෙනැගි පෙමින්
උතුරයි මසිත තව නුඔ වෙත තුරුලු වෙමින්

බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අත දරු පුතුගෙ මුව කමලේ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගේ ලගින් හිද මගෙ හිස සිඹින සද  

පණ්ඩිත් අමරදේව 

පියෙකුගෙ දුක කියා පාන



පියෙකුගෙ දුක කියා පාන
මහ දියකද කලාවැවේ
දරු සෙනෙහස දල්වාගෙන
රැළි නංවා හඩාවැටේ


සීගිරි​යේ ගී පවුරේ
කවි සිතුවිලි විමානයේ
ලියා ඈතිද එක ගීයක්
ඔබ වෙනුවෙන් පියාණෙනි.

සීගිරි ළලනා දෑසින් කදුලු
බිදක් නොහෙලුවාට
නෙලුම්මලක් අදත් පිපෙයි
සිරස නමා කලා වැවට

ගායනය කරුණාරත්න දිවුල්ගනේ

අමාවකට පෑයූ පුන් සඳ ලෙසිනී ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී

වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී
ඇනී මිනිස් දළ තැවෙනා සඳ සොවිනී
අමාවකට පෑයූ පුන් සඳ ලෙසිනී
ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී

මිතුරු තෙමේ කුමටද සැපයෙහි පැවතී
මිතුරු සෙනේ කුමටද විපතෙහි නොමැතී
මිතුර ඔබය දුක සැප දෙකෙහිම පැවතී
ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී

වනේ වන සතුන්ටත්...

දිවි කතරේ දැවුණා තුන් යාමයක
පිය මිතුරේ ඔබදෝ දිය සීනයෙක
මතු සසරේ යමු උපදින කාලයක
ඔබ ඇසුරේ උපදිමි හැම වාරයක
ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළොවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුනාම
දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වලඳන්න එපා
අසරණ කෙනෙක් ආ විට එලවන්න එපා
අනුවණකමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

Monday, April 23, 2012



දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් //

මලෙකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලුන්
එක මලකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුලැල්

දෙවොලේ නොකැලැල්...

පවසට පල නැත සයුරේ රළවැල්
දිය දෝතක් ගමි දොලකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්



 පැන්සොන් දිනය වැටෙනවා මාසේ අගට
විය පැහැදම් වැඩියි පැන්සොමෙ දෙගුණෙකට
අඟ හිඟකම් වලින් හිත තැලුණත් බරට
මා අද බරක් වී නැත මගෙ දූ දරුවන්ට

තිස්පස් වසක සේවය අවසන් වන දවස
මා සේවය කලේ පඩියට නොව දැයට
කාසිය වලංගුද නැත අගයක් නැතුව
දෑත සවිබලයි හිත හයියයි තවම

පාළුව තනිකමෙන් දුක දැනෙනෙවා දිවියේ
වතුපිටි ඉඩකඩම් නැත මා සන්තකයේ
දරුවන් අසයි මොනවද උන්ටත් කෙරුවේ
මං හෙළු දහදියයි උන් මිනිසුන් කෙරුවේ


පින්තාලිය හැදුවේ අපෙ බෝසත් විදානේ
පැන් බිව්වේ මගී දන සිතු ලෙසානේ
දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳාණෝ
පින්තාලිය බින්ඳෙ දෙව්දත් පුතාණෝ //

පිනට ලැබුණි පැන් හැමතැන ඒ කාලේ
දනට පිනට බණටත් තිබුණයි යාලේ
මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ
අපේ පවට මොනවා කරමුද රාළේ

පින්තාලිය...

නපුරු කලට එන දුක් නිම නැතේයා
සතුරු විපත් හැම පැත්තෙන් එතේයා
හොඳ මිනිසුන් සුර ලෝකෙට යතේයා
දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිනෙතේයා

පින්තාලිය...